රටම ලොක්ඩවුන් කිරීමක් නැහැ – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතිවන තත්ත්වය මත යම් යම් ස්ථාන හුදෙකලා කළද රටම හුදෙකලා කිරීමක් සිදුවන්නේ නැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව සදහන් කෙරුණි.

එසේම රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

අවශ්‍ය වුවහොත් තෝරාගත් සංචාරක හෝටල් ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන බව ‍ද ඔහු සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වේයැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියි.

ඔහු කියා සිටියේ මේ වනවිටත් රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

යුද හමුදාපතිවරයා තවදුරටත් අවධාරණය කළේ අසත්‍ය ප්‍රචාරයන්ගෙන් ජනතාව නොරැවටිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 1 =