12.5 Kg ගෑස් වෙළඳපොලේ නැත්නම් වහාම දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – කිලෝග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපල තුළ මිලදී ගැනීමට නොහැකි නම් ඒ බව වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස සියලු ගෑස් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනුයේ හිඟයකින් තොරව කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට නිකුත් කිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහතික වී ඇති බවය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය රුපියල් 1493ක මිලකට පාරිභෝගිකයින්ගේ අභිමතය පරිදි අදාළ නියෝජිතයින්ගෙන් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 18 =