පාසල් විවෘත කෙරෙන දිනය කල්යයි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ පාසල් යළි විවෘත කිරීමේ දිනය සම්බන්ධයෙන් ඉන්පසුව තීරණයත් ගන්නා බවය.

“රටේ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන අපි තීරණය කරලා තියෙනවා මැයි 3 වන දා සිට මැයි 7 වන දා දක්වා පාසල් විවෘත කිරීම නුසුදුසුයි කියලා. ඒ කාලය තුළ මාර්ගගත ක්‍රමවේදය හරහා පන්තිය දිගට ම පවත්වනවා. විෂයමාලා නිර්දේශ ආවරණය සඳහා අගෝස්තු නිවාඩුව හැකිතාක් කෙටි කිරීම අවශ්‍ය වෙනවා.“

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අප්‍රේල් මස 30 වන දින සිට සියලු පාසල් සහ උපකාරක පන්ති වසා දැමීමට බලධාරීන් පියවර ගැණුනි.

මේ අතර දිවයිනේ සියලුම කතෝලික පාසල් ද මැයි 07 වන දා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *