ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) –ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට තැබීමට ඉදිරියේ දී සූදානම් වේ. එම ඇදුමේ දැනට හිමිකාරිත්වය පවතින විලියම් සහ හැරී කුමාරයින් ඒ සදහා අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

1981 දී ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේදී චාල්ස් කුමරු සමඟ විවාහවන විට ඩයනා කුමරිය ඇඳ සිටි මංගල ඇඳුම, එරට රාජකීය ඉතිහාසයේ දිගම බිම දිගේ ඇදගෙන යනුලබන වේලයක් දැමූ(foot train) මංගල ඇඳුම ලෙසින් ද සැලකේ. එහි දිග අඩි 25කි.

මෙම මංගල ඇඳුම එළඹෙන ජුනි මාසයේ සිට ඩයනා කුමරිය ජීවත් වූ බටහිර ලන්ඩනයේ පිහිටි කෙන්සිංටන් රාජකීය නිවසේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඩේවිඩ් සහ එලිසබෙත් එම්මානුවෙල් ඇදුම් නිර්මාණකරුවන් විසින් මෙම අඳුම සකස් කර තිබේ. ඊට පබළු සහ එලිසබත් මහරැජිනගේ මිත්තනිය වූ මේරි රැජිනට අයත් වූ රේන්ද කොටස් කිහිපයක් ද එක් කර ඇති බව සදහන්වේ.

ඩයනා කුමරියගේ විවාහ ඇඳුම මෙලෙස ජනතා ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනුයේ වසර 25කට පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *