වරාය හා නාවික ක්ෂේත්‍රයේ මෙහෙයුම් අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ නැවතත් ව්‍යාප්ත් වී යන කොවිඩ්-19 වසංගතය හමුවේ වුවද ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීම රජයේ අරමුණ බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස වරාය හා නාවික ක්ෂේත්‍රයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව ඇත. කොවිඩ් 19 මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉදිරි මෙහෙයුම් සිදු කෙරෙන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වෙයන් අද (03) වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා,වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා,උප සභාපති ප්‍රශන්ත ජයමාන්න මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *