රුසියානු ස්පුට්නික් එන්නත අද උදෑසන දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –රුසියානු ස්පුට්නික් එන්නත රැගත් ගුවන් යානය අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ලගා විය.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය රුසියානු තානාපති ඇලෙක්සි බුදනොව් මහතා සංකේතාත්මකව එන්නත් තොගය භාර දෙනු ලැබීය.

ආරම්භක පියවර ලෙස එන්නත් 15,000 ක් ලැබුණු අතර ඉදිරි කාලයේ එන්නත් මාත්‍රා මිලියන 13ක් කොටස් වශයෙන් ලැබීමට නියමිතය.

මේ අවස්ථාවට ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රුසියානු තානාපති කාර්යාලයේ ඉහල නිලධාරීන්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + nineteen =