අන්තර්ජාලයේ සංසරණයවන ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙස දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වෛරසයට ගුණදායක බව පවසමින් අන්තර්ජාලයේ සංසරණය වන විවිධ ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

ශරීර ප්‍රතිශක්තිය උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දි ඇති මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය උපදේශ ද පිළිපදිමින් බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සදහන් කළේය.

ශරීර ප්‍රතිශක්තිය උදෙසා භාවිත කළ හැකි ඖෂධ වර්ග හා අනෙකුත් ප්‍රතිකර්ම පිළිබද ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කරන බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *