“JAT අධ්‍යක්ෂ මණ්ඩලය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව මූලික කරගත් නූතන ව්‍යාපාර ආකෘතියේ පෙරගමන්කරුවෝ”

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම, ව්‍යාපාර ලෝකය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, තම අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් 3 දෙනෙකු පත්කිරීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් වඩාත් පුළුල් දැක්මකින් යුතුව, වඩාත් නිවැරදි හා සමබර තීරණ ගැනීමට JAT Holdings සමාගමට හැකියාව ලැබෙනු ඇති අතර, ඒ ඔස්සේ ව්‍යාපාර ලොව තුළ තවත් පරිවර්තනයන් රැසකට මුලපිරීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අරමුණ පෙරදැරිව, කාන්තා දායකත්වය මගින් ලැබෙන නිසැක ප්‍රතිලාභ සම්බන්ධයෙන් JAT සභාපති වෛද්‍ය සිවා සෙල්ලයියා මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා ඒකමතිකව එකඟත්වයකට පැමිණියහ. එම එකඟත්වය අනුව අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් පත්කිරීමෙන් නොනැවතී, ඔවුන්ට තම විශේෂඥ දැනුම හා අත්දැකීම් සම්භාරය ඔස්සේ තීරණ ගැනීමට හා කටයුතු කිරීමට අවශ්‍ය බලය හා නිදහස ලබා දෙන ලද අතර, එය තවත් කාන්තාවන්ට රැසකට ව්‍යාපාර ලෝකයේ ඉදිරියට පැමිණීම සඳහා නව මාවත් රැසක් විවර කරනු ඇත.

විවිධත්වයේ මෙන්ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම පෙන්වා දෙමින්, සිය දැනුම සහ අත්දැකීම් සම්භාරය සමගින් ප්‍රියන්ති පීරිස්, ජොයිස් ගුණවර්ධන සහ අනිකා විලියම්සන් යන මහත්මීන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අනාගතය තුළ කාන්තාවන්ට හිමිවන නායකත්ව භූමිකාවන් සම්බන්ධයෙන් මනා පූර්වාදර්ශයක් සපයනු නිසැක ය.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක වන ප්‍රියන්ති පීරිස් මහත්මිය ආයතනික/සුරැකුම්පත් නීතිය සම්බන්ධයෙන් වසර 40 කට අධික අත්දැකීම් ලබා ඇත. මේ වනවිට LOLC Finance PLC, Associated Electrical Corporation Ltd සහ MTN Corporate Consultants (Pvt) Ltd. යන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලය වල සේවය කරන ප්‍රියන්ති පීරිස් මහත්මිය 2004 වසරේ සිට 2011 වසර දක්වා මුදල් අමාත්‍යාංශයේ නීති උපදේශිකාවක ලෙසද කටයුතු කර තිබේ.

ජොයිස් ගුණවර්ධන මහත්මිය මේ වනවිට Brush Master (Pvt) Ltd. හි විධායක අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරයි. දැන්වීම් හා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ වසර 15 කට වැඩි අත්දැකීම් ලබා ඇති ඇය 2015 වසරේදී JAT Holdings අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වූවා ය. ගුණවර්ධන මහත්මිය ඕස්ට්‍රේලියාවේ University of New South Wales වෙතින් මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබේ.

මේ වනවිට JAT Global (Private) Limited හි විධායක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන අනිකා විලියම්සන් මහත්මිය JAT මණ්ඩලයට පත්වූයේ 2020 වසරේදී ය. මූල්‍ය, අපනයන හා බැංකු යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වසර 8 කට අධික අත්දැකීම් ඇය සතු වන අතර, 2020 වසරේදී ඇය JAT Property Group (Private) Limited හි මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්කරන ලදි. ඔස්ට්‍රේලියාවේ Curtin University වෙතින් ගිණුම්කරණය හා ව්‍යවසායකත්වය පිළිබඳ ද්විත්ව උපාධියක් ලබා ඇති විලියම්සන් මහත්මිය එහි Pro Vice Chancellors Chapter හි සාමාජිකාවක ලෙසද කටයුතු කර තිබේ.

විවිධත්වයෙන් සපිරි, මැනැවින් සමබර අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටීම මගින් වඩාත් පුළුල් මට්ටමේ අදහස්, දෘෂ්ටිකෝණ සහ අත්දැකීම් ඔස්සේ තීරණ ගැනීමට JAT Holdings සමාගමට හැකියාව ලැබෙනු ඇති අතර, එය සමස්තයක් ලෙස සමාගමේ ව්‍යාපාරික ඉලක්ක හඹායාමේදී බෙහෙවින් තීරණාත්මක සාධකයක් වනු ඇත. මේ සියල්ල සමගින්, නවෝත්පාදනය ඔස්සේ තම ශක්තිමත් ආයතනික ආකෘතිය නව මානයක් වෙත රැගෙන යාමට JAT Holdings නිරන්තරයෙන් සමත් වනු නොඅනුමාන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 7 =