මෙරට දෛනික ආසාදිතයින් ගණන පළමුවරට 2,500 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තාවිය.

ඒ අනුව අද (09) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව පළමු වරට මෙරටින් වාර්තා වන ආසාදිතයන් 2500 සීමාව ඉක්මවා 2659ක් ලෙස සටහන් වී තිබේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය104,463ක්‍ බව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 16 =