නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

ඊට අමතරව පළාතේ සියලු නගරවල වෙළඳසැල් පස්වරු 06.00න් පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීම් කර තිබේ.

මේ අතර සවස හයෙන් පසු අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ජනතාව නගර වලට ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ලබාදී තිබේ.

දිස්ත්‍රික් මායිම් අතර මාර්ග බාධක යොදා ගනිමින් ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *