පාරම්පරික ලියාපදිංචි ‌වෛද්‍යවරුන්ගේ නාමාවලියක්

(කොළඹ, ලංකාපුවත්) –දීර්ඝ කාලයක් නොසලකා හරින ලද පාරම්පරික වෙද ක්‍රමය යළි නගා සිටුවීමට අලුත් පියවර රාශියක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය විසින් ගෙන ඇත.

එහි එක් පියවරක් ලෙස වසර 60 කට පසුව පාරම්පරික ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නාමාවලියක් පසුගියදා එළි දැක්විය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ උපදෙස් මත එය සිදු කෙරුණි.

සර්වාංග, සර්ප විෂ, කැඩුම් බිඳුම් ආදී එක් එක් ක්ෂේත්‍රය නියෝජනය කරන පාරම්පරික වෛද්‍යවරුන්ගේ නම්, ලිපින, දුරකථන අංක ඇතුළත් සංග්‍රහයක් ලෙස එය එළි දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *