මාලදිවයින් හිටපු ජනපති ඝාතන තැත සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට ලක්වූ “ප්‍රධාන සැකකරු” අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය පවසයි.

අගනුවර වන මාලේ හි පිහිටි සිය නිවසින් පිටත සිදුවූ පිපිරීමකින් 53 හැවිරිදි මොහොමඩ් නෂීඩ් දරුණු ලෙස තුවාල ලබා දින තුනකට පසු 25 හැවිරිදි අහුහාම් අහමඩ් රෂීඩ් මෙලස අත්අඩංගුවට ගැනුණි.

නෂීඩ්ගේ තත්ත්වය සෙනසුරාදා යහපත් අතට හැරී ඇති බව පවුලේ අය පවසන බව මාලදිවයින් වාර්තා සදහන් කරයි.

මැයි 6 වන දින බෝම්බ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.

මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ ආගමික අන්තවාදීන් විසින් වන අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු වන 21 හැවිරිදි මුජාස් අහමඩ් සහ 32 හැවිරිදි තහ්මීන් අහමඩ් යන දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. ප්‍රහාරයට සම්බන්ධ යැයි විශ්වාස කරන අනෙක් අය ගැන විමර්ශ තවදුරටත් සිදුකෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *