(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජය තීරණය කර තිබේ.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගල්ෆ් රාජ්‍ය කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක අතර භාණ්ඩ ප්‍රවාහනය මෙම තහනමට ඇතුළත් නොවේ.