ස්පුට්නික් මාත්‍රා ලක්ෂ 06ක් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අද(12) පැවැති රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

“මේ වන විට 11,334කට කොළඹ, ගොතටුව හා කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සාර්ථකව අපි එන්නත්කරණය කරලා ඒ වාර්තා රුසියාවට යැවුවහම තව සති දෙකකින් අපිට ‘ස්පුට්නික් V’මාත්‍රා ලක්ෂ 6ක් ලැබීමට නියමිතයි.“ඇමතිනිය සදහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *