මෙරට 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් එන්නතක් අනුමත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සංකූලතා නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත ලබාදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

ඇමතිවරිය කියාසිටියේ සයිනොෆාම් එන්නත් තොග ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත බවය.

“හැමෝම තමන්ගේ ජීවිතේට අදරෙයිනේ. ඉතින් කොහොමහරි බලන්නේ පොරකාලා හරි එන්නත ලබාගන්න. එන්නත් සීමිතයි. දැනට සයිනොෆාම් එන්නත දෙන්නේ අවුරුදු 30-60 අතර අය‍ට. අද තීරණය කළා 60ට වැඩි කිසිදු සංකූලතාවයක් නැති වැඩිහිටියන්ටත් සයිනොෆාම් එන්නත ලබාදෙන්න. එහි දෙවැනි මාත්‍රාව සති 4න් ලබාදිය යුතුයි”. යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =