ප්‍රදේශ කිහිපයකට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාලව පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් කන්කසන්තුරය මන්නාරම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් 70 ත් අතර විය හැකි බවත් මේ නිසා මෙම මුහුදු කළාපයේ නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් එළබෙන 18 වන දින වන විට ඉන්දියාවේ ගුජරාට් සහ පාකිස්ථානු වෙරළ තීරයට ඇතුල් වනු ඇති බවට පුරෝකථනය කරයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඉදිරි දින වල දී ද උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත් වල ගොඩබිම සුළං තත්වය පැයට කිලෝමීටර් 50 ත් 60 අතර විය හැකි බවත් සෙසු පළාත්වල සුළං තත්වය පැයට කිලෝමීටර් 40 -50 දක්වා වැඩි විය හැකි බවත් නිවේදනය කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ය නිසා නායයාම, පස්කන්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටත් අකුණු අනතුරු අවම කර ගැනීම සදහාත් අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේ පළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =