ලොව අට වන පුදුමය . . .

(කොළඹ, ලංකාපුවත්) –චීනය ලොවට බොහෝ විස්මිත දේ නිර්මාණය කර දී තිබේ.චීන මහා ප්‍රාකාරය ඒ අතරින් ප්‍රධානය.මානව සංහතියේ විස්මිත නිර්මාණයක් වන එය ලොව පුදුම හතෙන් එකක් ලෙස ගැනේ.ලොව අට වන පුදුමය ද චීනය සතු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.එම විස්මිත නිර්මාණය වන්නේ ෂියාන් පළාතේ පිහිටි “ඡිං ශී-හුවාං” සොහොන් ගැබයි. එය “ ටෙරාකොටා සොහොන” ලෙස ද ඇතැම්හු හඳුන්වති.

ටෙරාකොටා සොහොන චීනයේ පළමු අධිරාජයා වූ ඡිං ශී-හුවාංගේ මෘත දේහය තැන්පත් කර ඇති සොහොන් ගෙයයි.ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබීම,විස්මයජනකව්‍යුහයක් සහ සරුසාර අන්තර්ගතයක් පැවතීම, එය ලෝක පුදුමයක් වීමට හේතුවී තිබේ. ඡිං ශී-හුවාං සොහොන් ගැබෙන්සොයාගත් ජීවමාන ප්‍රමාණයේ ටෙරාකොටා සෙබළ හා අශ්වආකෘති සමූහය පැරණි ඊජිප්තුවේ පිරමීඩ තරමට ම ජනප්‍රිය ය.සොහොන් බිම වර්ග කිලෝමීටර් 56ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.ලී කරත්ත 18ක් සහ මැටි අශ්වයින් 100කට වැඩිප්‍රමාණයක් මේ දක්වා එහි සිදු කළ කැණීම් මගින් සොයා ගෙන තිබේ.

ටෙරාකොටා මැටි වලින් නිර්මාණය කළ ජීවමාන ප්‍රමාණයේ සෙබළ ආකෘති සොහොන තුළ තැන්පත් කර ඇත්තේ අධිරාජයාගේ ආරක්ෂාව පිණිස බවට විශ්වාස කළ හැකි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති. අධිරාජයාගේ ආරක්ෂාව සඳහා එහිජීවමාන ප්‍රමාණයේ සෙබළුන් 8000 පමණ එහි නිර්මාණය කරඇති බව විශ්වාසයි.මිය ගිය පසු තම සිරුර තැන්පත් කෙරෙන සොහොන් ගෙය, ස්වර්ගය ලෙස සකස් කළ යුතු යැයි අධිරාජයා තරුණ අවධියේදීම සේවකයින්ට නියෝග කර තිබිණ.

කෙසේ වෙතත් ඡිං ශී-හුවාං අධිරාජයා මිය යන අවස්ථාව වන විට සෙහොනේ ඉදිකිරීම් අවසන් කර නොතිබූ බව සඳහන්ය.හබෙයි පළාතේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර අධිරාජයාහදිසියේ මිය ගොස් තිබේ.සොහොනෙහි වැඩ නිමවා ඇත්තේඅධිරාජයාගේ මරණින් දෙවසරකට පසුවය.

සොහොන් ගෙය පිහිටා ඇත්තේ චීනයේ “ෂැන්සි පළාතේ”(Shaanxi Province) “ෂියාන් නගරයට” ( Xi’an City) කි.මී. 40 ක් පමණ ඊසාන දෙසින් පිහිටි “ලී කන්ද” (Mount Li) පාමුලය.පුරාවිද්‍යාඥයෝ තවමත් එහි කැනීම් සිදු කරති.

ඡිං ශී-හුවාං චීනය එක්සේසත් කළ පළමු අධිරාජයාය.ඔහු “චින්රජ පෙළපත” (Qin Dynasty ක්‍රි.පූ.221–ක්‍රි.පූ.206) නිර්මාණයකළේය.

ඡිං ශී-හුවාං අධිරාජයා උපත ලබා ඇත්තේ “යිං චං” (Ying Zheng) යන නමිනි. චින් රාජ්‍යයේ එවකට සිටි පාලකයා විසින්යිං චංගේ පියා ප්‍රාණ ඇපකරුවෙකු ලෙස “ෂාවෝ රාජ්‍යයේ”(State of Zhao) රඳවනු ලැබීය. “ ලූ බුවෙයි” (Lu Buwei) නමැති වෙළෙන්දෙකුගේ සහය ඇතිව නැවත චින් රාජ්‍යයටපැමිණි ඔහුගේ පියා, පසුව එහි රජු බවට පත් විය.කෙසේවෙතත් ඉන් වසර තුනකට පසු යිං චංගේ පියා මිය ගියේය.13 හැවිරිදි වියේ පසුවූ යිං චං රජ කමට පත් කෙරිණ.රජු ලාබාලවියේ පසු වූ හෙයින් අග්‍රාමාත්‍යවරයා ලෙස පරිපාලන කටයුතුසිදු කරනු ලැබුවේ ලූ බුවෙයි විසිනි.

“ෂෝ රාජවංශය” (Zhou Dynasty ක්‍රි.පූ.1046–ක්‍රි.පූ.256 ) බිඳවැටීමෙන් පසු මෙම යුගයේ චීනය පැවතියේ රාජධානි හතක්ලෙසය. “වොරින් ජනපද” (Warring States ක්‍රි.පූ.475–ක්‍රි.පූ.221) ලෙස හැඳින්වුණු එම රාජ්‍යයන් හත “චින්” (Qin),”හන්” (Han), “ වෙයි” (Wei) , “ෂාවෝ” (Zhao), “යන්” (Yan) “චි” (Qi) සහ “චූ” (Chu) ය. වරින් වර ඒවා අතර සටන් හටගැනිණ. තරුණ “යිං චං” රජුගේ නායකත්වයෙන් චින් රාජ්‍යයසෙසු රාජ්‍යයන් හයට එරෙහිව සටනක් දියත් කළේය. වසර15ක අඛන්ඩ සටන් වලින් පසුව රාජ්‍යයන් හයම යටත් කරගැනීමට චින් රාජ්‍යයට හැකි විය.එලෙස සමස්ත රට එක්සත්කිරීමෙන් පසු චින් රාජ්‍යය අධිරාජ්‍යයක් බවට පත් විය. ක්‍රි.පූ221 දී, යිං චං, “ඡිං ශී-හුවාං”( Qin Shi Huang) නමින්අධිරාජ්‍යත්වය ප්‍රකාශයට පත් කළේය.

චීන මහා ප්‍රාකාරය ඉදිකිරීම මුලින්ම ආරම්භ කර ඇත්තේ “ඡිංශී-හුවාං” අධිරාජයා විසිනි. “සියොංලු” (Xiongnu) ගෝත්‍රිකයින්ගෙන් චීනයේ උතුරු ප්‍රදේශයට එල්ල වූ ආක්‍රමණිකතර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මහා ප්‍රාකාරයක්ගොඩනැගීමට ඔහු උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් මහාප්‍රාකාරයේ බොහෝ කොටස් සම්පූර්ණ කර ඇත්තේ ඉන් පසුවපැමිණි අධිරාජයන් විසිනි.

ටෙරාකොටා සොහොන් ගැබ වැනි ඓතිහාසික ස්ථාන රැසක් පිහිටා තිබීම හේතුවෙන් චීනයේ ෂියාන් නගරය වසර 3100කපමණ ඉතිහාසයකට උරුමකම් කියයි.ඉපැරණි සේද මාවත ආරම්භ වී ඇත්තේ ද ෂියාන් නගරයෙනි. චීනයේ ෂැන්සී පළාතේඅගනුවර වන ෂියාන් නගරය වැදගත් සංචාරක ගමනාන්තයක් බවට පත්වී තිබේ.

මෝතිලාල් හිස්සැල්ල – චීන ගුවන් විදුලිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *