යුපුන් අබේකෝන් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබේ.

ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදීය.

ඒ අනුව මෙම දස්කම හේතුවෙන් ඔහු විසින් පසුගිය වසරේ දී පිහිට වූ මීටර් 100 දකුණු ආසියානු වාර්තාව ද (තත් 10.16) අලුත් කිරීමට යුපුන්ට හැකි විය. එම තරගයේ දී යුපුන්ට දෙවැනි ස්ථානය හිමි විය.

මෙම තරගයේ පළමු ස්ථානය තත්පර 10.13ක කාලයකින් තරගය අවසන් කළ ඉතාලි ක්‍රීඩක Lorenzo Patta හට හිමි වූ අතර තෙවන ස්ථානය තත්පර 10.25ක කාලයකින් අවසන් කළ Matteo Melluzzo හට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *