කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා රටින් පැන ගියාද ?

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ මෙරට ප්‍රධාන මාතෘකා වන්නේ එන්නත්කරණය, කොරෝනා පාලනය හා අහයපත් කාලගුණ තත්වයයි. මේ සම්බන්දව විවිද පුවත් මෙන්ම, දේශපාලන වේදිකාවේ ද කතා බහට ලක්වන්නක්. ඒ අතරින් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මෙරට කොරෝනා පාලනයට ගන්නා වූ ක්‍රියාකාරකම් අතර සුවිශේෂී ස්ථානයක් ගනී.

මේ සම්බන්දව දේශපාලන වේදිකාවේ පල වූ අදහසක සත්‍ය සෙවීමට Fact Research කණ්ඩායම කරන ලදී.

සමාජ මාධ්‍ය සටහන

එක්තරා පුවත් වෙබ් අඩවියක මෙලෙස සටහන් කර තිබිණි.

“කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා රටින් පැන ගිහින්..” යන සිරස්තලය යටතේ පළවූ පුවතේ වැඩි දුරටත් මෙලෙස සටහන් විය.
“ජනාධිපති කාර්ය්‍ය සාධක බලකායේ ප‍්‍රධානියා පෙරේදා පාන්දරම රට දාලා ගියා. රටටම සංචරණ සීමා පනවලා තිබියදි ආණ්ඩුවේ පාලකයන් රටේ ජනතාවට ලබාදෙන ආදර්ශය මේකද.?’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනිතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රශ්ණ කරයි.”

Fact Check (තොරතුරු විමර්ශනය)

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි වනුවේ වර්තමාන යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. මේ පිළිබද අප හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතාගෙන් කල විමසීමකදී පැවසුවේ යුධ හමුදාපති මේ මොහොතේදී ද ශ්‍රී ලංකාව තුල රැදී සිටින බවත්, කොරෝන පාලනය හා අවතැන් වුවන් වෙනුවෙන් සහන සැලසීමේ ක්‍රියාන්විතයේ නිරත වන බවයි. එම නිසා කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානිය රටින් පැන ගිහින් යන සිරස්තලය යටතේ පලවන පුවත අසත්‍ය ප්‍රකාශයක් බවයි.

අපි මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් විමසීමක් කරා.

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වැලැක්වීම හා පාලනය වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සදහා ලංකාවේ පළමු රෝගියා හමු වෙන්නත් කලින් තමයි මේ කාර්ය සාධන බලකාය පිහිටවුයේ. මේ කාර්ය සාධන බලකාය සෞඛ්‍ය අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය, ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාවන්හි ප්‍රධානින් ඇතුලත්ව තමයි මෙම කාර්ය සාධන බලකාය පිහිටුවා තියෙන්නේ..

මම හිතන විදියට අදාළ පුවත් වෙබ් අඩවිය මෙන්ම ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට අවශ්‍ය වෙලා ඇත්තේ කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානිය රටින් පැන ගිහින් කියල සමාජය තුල වැරදි මතයක් හදල ඒ තුලින් දේශපාලන වාසි ලබා ගන්න වෙන්න ඇති. ඒක නිසා මේ වගේ ප්‍රකශ මම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

නිගමනය (Conclusion)

ඉහත දැක්වෙන නිරීක්ෂණ, විශ්ලේෂණ කිරීමෙන් පෙනී යන්නේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි වන යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ මොහොත වන විටත් මෙරට තුල රැදී සිටින බවත්, එතුමා රටින් පැන ගොස් ඇත යනුවෙන්, ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කල ප්‍රකාශය උපුටා දක්වමින් අදාළ වෙබ් අඩවිය පලකල පුවත සාවද්‍ය ප්‍රකාශයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eleven =