කොරොනා වසංගතයේ දෙවන වසර, පළමු වසරට වඩා මාරාන්තිකයි

(කොළඹ, ලංකාපුවත්) –නව කොරොනා වසංගතයේ දෙවන වසර පළමු වසරට වඩා මාරාන්තික වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නම් ගෙබ්‍රියාසස් පසුගියදා (14) පැවති නව කොරොනා පිළිබඳ සාමාන්‍ය මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, ඉන්දියාවේ වසංගතය කෙරෙහි කනස්සල්ලට පත්ව ඇති බවයි.

ඊට අමතරව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල, ආසාදන හා රෝහල්ගත වීමේ උච්චතම අවස්ථාවට පත්ව ඇත.

ඇතැම් ඇමරිකානු රටවල රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ මට්ටමක පවතී. පසුගිය සතියේ ගෝලීය මුළු මරණ සංඛ්‍යාවෙන් 40% ඇමරිකා මහාද්වීපයෙන් වාර්තා වී තිබේ.

ටෙඩ්‍රොස් අද්නම් ගෙබ්‍රියාසස් එහිදී පැවසුවේ, නව කොරොනා වසංගත හේතුවෙන් මිලියන 3.3 කට වඩා මිය ගොස් ඇති අතර, දෙවන වසර පළමු වසරට වඩා මාරාන්තික වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එන්නත් ලබා ගැනීම සහ මහජන සෞඛ්‍ය පියවර ගැනීම යනු නව කොරොනා වසංගතය අවසන් කිරීමට ඇති එකම ක්‍රමය බව, ඔහු සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *