තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා තවත් තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

මේ වන විට කොවිෂිල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ලාංකිකයන් සංඛ්‍යාව දෙලක්ෂ අනු දෙදහස් හාරසිය පනස් හත දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනය තුළ තවත් 25, 380 කට එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිමත් සමගයි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනය තුළ 49, 507 දෙනෙක්ට ලබා දුන් අතර ඒ අනුව එහි පළමු මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව හාර ලක්ෂ විසි හතර දහස් අටසිය විසි තුනක් බවට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *