JAT Holdings වෙතින් ‘WHITE by JAT’ විශිෂ්ට ප්‍රමිතියකින් යුත් ඉමල්ෂන් තීන්ත වර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) –JAT Holdings නිෂ්පාදන අතරට එක්වන නවතම පෙරළිකාරී නිෂ්පාදනය වන ‘WHITE by JAT’ ‘බ්‍රිලියන්ට් වයිට්’ ඉමල්ෂන් තීන්ත මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙය සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට තිළිණ කරන, නිර්මාණශීලී දැක්මකින් යුත් සමාගමක් ලෙස JAT Holdings වෙත හිමිවී ඇති පිළිගැනීම තවදුරටත් තහවුරු කරන පියවරක් වනු ඇත.

‘WHITE by JAT’ ‘බ්‍රිලියන්ට් වයිට්’ ඉමල්ෂන් තීන්ත එකතුව හඳුන්වා දී ඇත්තේ ‘ලෝකය සුදු පැහැයෙන් වර්ණවත් කරන්නට’ යන තේමාව මූලික කරගනිමින් සහ සුදු පැහැයේ සැබෑ සුන්දරත්වය ලෝකයට පෙන්වා දීම ඉලක්ක කරගනිමිනි. වර්තමාන පාරිභෝගිකයන් තම නිවෙස් තුළ දැකගැනීමට අපේක්ෂා කරන නිර්මලත්වය, පිරිසිදු බව, සරල බව සහ අලංකාරය යනාදී ගුණාංග වල සාරය WHITE by JAT තුළින් මැනැවින් සංකේතවත් වේ.

එමෙන්ම ‘WHITE by JAT’ හඳුන්වා දීම යනු, වෙළඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන වලට සාපේක්ෂව වඩාත් විශිෂ්ට නිමාවක්, සුමට මතුපිටක්, වැඩි ආවරණ පරාසයක්, වැඩි ඝනත්වයක් සහ දීප්තිමත් සුදු පැහැයක් සහිත තීන්ත එකතුවක් වෙළඳපොළට හඳුන්වා දීම සඳහා JAT Holdings දැරූ උත්සාහයක විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි සුවිශේෂී ගුණාංග වලින් යුක්ත වුවද, කාටත් පහසුවෙන් මිලදීගත හැකි වන ආකාරයට, සැලකිය යුතු තරම් අඩු මිලකට මෙම බ්‍රිලියන්ට් වයිට් තීන්ත වර්ගය වෙළඳපොළට හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

අලුතින් ඉදිකරන ලද ගොඩනැගිලි වල තීන්ත අලේප කිරීමට හෝ දැනට පවතින ගොඩනැගිලි වල නැවත තීන්ත ගැල්වීමට අපේක්ෂා කරන නිවාස හිමියන් සහ ව්‍යාපාරික ආයතන ඉලක්ක කරගනිමින් ‘WHITE by JAT’ නිෂ්පාදනය කර ඇත. තම ව්‍යපෘති සඳහා භාවිතා කිරීමට උසස් තත්වයෙන් යුත් තීන්ත වර්ග සොයන ඉදිකිරීම් සමාගම් වලටද, සහනදායී මිලකට ලබාදෙන මෙම තීන්ත බෙහෙවින් වාසිදායක විසඳුමක් වනු නිසැක ය.

පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා www.whitebyjat.com වෙබ් අඩවිය හරහා ‘WHITE by JAT’ තීන්ත මිලදීගැනීමට අවස්ථාව සලසා දී ඇත. ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම වෙබ් අඩවියට පිවිසීම මගින් පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය පරිදි තීන්ත ඇණවුම් කළ හැකි අතර, එලෙස ඇණවුම් කරන තීන්ත, පැය 48 ක කාලයක් තුළ, ප්‍රවාහන ගාස්තුවකින් තොරව ඔබගේ නිවසටම ගෙනවිත් භාරදීමට JAT Holdings සමාගම කටයුතු යොදා තිබේ.

සිය ව්‍යාපාර කටයුතු වලදී සෑම විටම පාරිභෝගිකයන්ට මුල්තැන දෙමින්, රටේ සියලුම පළාත් ආවරණය වන පරිදි, දිවයින පුරා දහස් ගණනක් දෙනා වෙත සිය නිෂ්පාදන ගෙනගොස් භාරදීමට JAT Holdings දැනටමත් කටයුතු කර තිබේ. JAT නිෂ්පාදන වල විශිෂ්ට ප්‍රමිතිය සහ ඒවා ආලේපනය කිරීමේ පහසුව සම්බන්ධයෙන් මෙන්ම මේ ආකාරයට පාරිභෝගිකයන්ට සුවිශේෂී සේවාවක් සැලසීම සම්බන්ධයෙන් නිවෙස් හිමියන් හා පින්තාරුකරුවන් ඇතුළු සියලුම දෙනා වෙතින් JAT Holdings වෙත උණුසුම් ප්‍රතිචාර හිමිවී ඇත. මෙය පෙර නොවූ විරූ ආකාරයේ විශිෂ්ට ඉමල්ෂන් තීන්ත වර්ගයක් ලෙස WHITE by JAT වෙත හිමිවී ඇති පිළිගැනීම තවදුරටත් තහවුරු කරන සාධකයක් බවට පත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *