අද දිනයට ආසාදිතයන් 3,591ක්

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් – 19 ආසාදිතයන් 540 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද(19) දිනයේදී පමණක් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 3591 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 151,311 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *