විශ්වවිද්‍යාල අයදුම්කරුවන්ට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2020/2021 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී මාර්ග ගත ක්‍රමයට (online) පමණක් අයදුම්පත් යොමුකිරීම ප්‍රමාණවත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ලබන මස 11 වනදා දක්වා Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමට පහසුකම් සලසා ඇතැයි සභාපතිවරයා පැවසීය.

එලෙස Online ක්‍රමය ඔස්සේ අයදුම්පත යොමුකර එහි ඡායාපිටපතක් අයදුම්කරුගේ අත්සන යොදා ජුනි 11 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත එවීම දැනට වලංගු බව ඔහු පැවසීය.

එහිදී විදුහල්පතිතුමන්ගේ සහතිකය හෝ සාමාන්‍ය පෙළ සහතිකය හෝ ග්‍රාම නිලධාරී සහතිකය හෝ අවශ්‍ය නොවන බව ද ඔහු කීය.

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු හා පාසල් විවෘත කිරීමෙන් පසු අදාළ සහතික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තැපෑලෙන් එවීම ප්‍රමාණවත් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *