පවතින සංචරණ සීමා ජුනි 07වනදා තෙක් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන ජුනි 07 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව රජය පවසයි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම අරමුණු කර ගනිමින් රජය මෙම තීරණය ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(24) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේඑම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන බවය.

ඒ අනුව මැයි 31 වෙනිදා සහ ජුනි 04වනදා අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීම සඳහා පමණක් සහන කාලයක් ලබා දෙයි.

එසේම හෙට (25) තාවකාලිකව තහනම ඉවත් කළ විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් පිටවිය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *