සේවයෙන් විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලිවේරා මහතා, අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.

තමන් නීතිපති ධුරයෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යතුමාට සැළ කර සිටි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම සේවා කාලය තුළ විශාල නඩු සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තීරණය කොට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි වූ බව පෙන්වා දුන්නේය.

මෙරට තීරණාත්මක නඩු කිහිපයකටම අදාළව කටයුතු කිරීමට ලැබීම මෙන්ම තවත් විශාල අපරාධමය නඩු සංඛ්‍යාවකට මුලපිරීමට සහ එම විමර්ශන සම්බන්ධව උපදෙස් දීම ද තම සේවා කාලය තුළ සිදුවූ සේවාවක් බව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ විශ්‍රාම දිවියට සහ ඉදිරි කටයුතුවලට සුබ පැතුම් එක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *