කොරෝනා මර්දන එන්නත් මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් වශයෙන් එලෙස මිලදී ගැනීමට තීරණය වී ඇත.

මේ අතර මේ දක්වා මෙරටදී පුද්ගලයින් 516259 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 2435 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925242 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව 338493 දෙනෙකුට ලබාදීමට පියවර ගැනුණි. මේ අතර ස්පුට්නික් එන්නත ද පුද්ගලයින් 14,984 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එන්නත්කරණ වැඩපිළිවෙල තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *