‘යාස්’ දරුණු වෙයි – ප්‍රදේශ රැසකටම තද වැසි

(කොළඹ, ලංකාපුවත්) –බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වුණ යාස් සුළි කුණාටුව මේ වෙන කොට චණ්ඩ කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

මේ නිසාම දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි වගේම දැඩි සුළං ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කලුගග ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට තද වැසි ඇති වීමත් සමඟ රත්නපුර ,කුරුවිට , කිරිඇල්ල , අයගම හා ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවති. ජනතාව මේ කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අධික වර්ෂාවත් සමඟ රත්නපුර නගරය හා තවත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙමින් පවති. රත්නපුර පොලීසිය ඉදිරිපිට කොටස හා සීවලි ක්‍රීඩාංගනයේ කොටසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබුණි.

තවද ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබීමත් සමඟ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කළ බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය. සෙන් ක්ලෙයාර් හා ඩෙවොන් දියඇළිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =