සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් මිලියන 03ක වෛද්‍ය උපකරණ

(කොළඹ, ලංකාපුවත්) –සමස්ථ ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය රුපියල් මිලියන 03ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (25) ප්‍රදානය කරන ලදි.

එම ප්‍රදානය සිදු කරනු ලැබුවේ කොවිඩ් මර්දනය සදහා රෝහල්වලට අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට එක්වන ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය දිනක දානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්ය.

රෝහල්වලට අවශ්‍ය වන Infusion Pump, Nebulizers, Syringe Pumps, Suction Pumps ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට සමස්ථ ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය කටයුතු කල අතර එම උපකරණ එම මොහොතේම අම්පාර රෝහලට සහ පුත්තලම රෝහල වෙත ලබාදීමට අමාත්‍යවරිය කටයුතු කරනු ලැබීය.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ඉල්ලීමක් අනුව අම්පාර රෝහල වෙත එම උපකරණ ලබාදීමට කටයුතු කල අතර එම උපකරණ අම්පාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙනුවෙන් බයෝ මෙඩිකල් ඉංජිනියර් ඒකකයේ ජී.එල් ආර් සුලෝචන මහතා වෙත ලබාදුන් අතර පුත්තලම රෝහල වෙත ලබාදුන් වෛද්‍ය උපකරණ ලබාගනු ලැබුවේ වෛද්‍ය දිනේෂ් ප්‍රනාන්දු මහතා විසිනි.

මෙම අවස්ථාවට සමස්ථ ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන, ලේකම් සුරංති ඩි සිල්වා, උප සභාපති රියෙන්සි විතානගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *