කොවිඩ් එන්නතක් ලබාගත් අයට ලේ බැංකුවෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඕනෑම කොවිඩ් එන්නතක් ලබාගත් අයට නැවත රුධිරය ලබා දෙන්න හැකි කාලසීමාව දින 07 දක්වා අඩු කර ඇතැයි ජාතික රුධිර පාරවිලයන සේවය සදහන් කරයි.

දැනට පවතින නිර්නායක අනුව කොවිඩ් එන්නත ලබාගෙන දින 7 කට පසුව නැවත ඔබට සුපුරුදු ලෙස රුධිර දානය කළ හැකිය.

දැනට ලොව පවතින පර්යේෂන සහ දත්ත ආශ්‍රිතයෙන් රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය සංගමය නිර්ණායක ඉදිරිපත් කර ඇත. ඒ අනුව දින 14 දින 7 දක්වා අඩු කරන ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *