සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදුන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් අද(26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ලඟා විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇත.

චීන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා රජය වෙත එම එන්නත් මාත්‍රා තොගය නිල වශයෙන් භාර දුන් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස මීට පෙර ද ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හිමිව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *