සතොස සහන මල්ල ලබන සඳුදා සිට

(කොළඹ, ලංකාපුවත්) –අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ඇතුළත් රුපියල් 1,000ක සහන මල්ලක් සතොස මගින් ලබන සඳුදා සිට මිලදී ගතහැකි බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ගුණාත්මක භාණ්ඩ අවම මිල ගණන් යටතේ ජනතාවට ලබාදීමට වඩාත් කාර්යක්‍ෂම හා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද සතොස මගින් ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි. රුපියල් 1000 සහන මල්ලට නාඩු සහල්, රතු කැකුළු සහල්, තිරිඟු පිටි, රතු පරිප්පු, නූඩ්ල්ස් සහ සුදු සීනි කිලෝ එක බැගින් ද, තායි හාල්මැස්සන් ග්‍රෑම් 200ක්, තේ ග්‍රෑම් 100ක්, ලුණු කුඩු පැකට් එකක් හා මුහුණු ආවරණයක් යන භාණ්ඩ ද ඇතුළත්ය.

රුපියල් 1000 සහ 5,000 සහන මල්ල හා තම අවශ්‍යතාව අනුව සකසා ගත් භාණ්ඩ ලැයිස්තුව www.lankasathosa.lk ඔන්ලයින් සේවාව හා 1998 ක්‍ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජනතාවට ඇණවුම් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *