07 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ වෙයිද?

(කොළඹ, ලංකාපුවත්) – ලබන 07 වැනිදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීම ගැන මෙතක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ ගැන අවසන් තීරණය ගන්නේ සෞඛ්‍ය අංශ ඇතුළු ඒ සම්බන්ධයෙන් කටයුතු අකරණ පාර්ශව වල වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුව ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟද සාකච්ජා කිරීමෙන් අනතුරුව එම තීරණය ගන්නා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම දැනට පනවා තිබෙන සංචරණ සීමාවල සාර්ථක අසාර්ථකභාවය ගැන තහවුරුවක් ගත හැකි වන්නේ එළෙඹෙන ජූනි පළමුවැනිදායින් පසුව එළඹෙන කාලයේ දී බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියි.

මේ වන විට 07 වැනිදා දක්වාම අඛණ්ඩවම සංචරණ සීමා දැඩි කොට තිබෙන අතර අත්‍යවශ්‍ය සේවාවල පුද්ගලයින්ද රාජකාරි සඳහා යෑමේදී ආයතනික හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගෙන් ලිපියක්ද ලබා ගත යුතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =