ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් ආසාදිත ගරුතර මහා සංඝරත්නය උදෙසා සැලසුම් කල මෙරට ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද(01) පෙරවරුවේ මහනුවර දී ස්ථාපිත කරනු ලැබීය.

ඇඳන් 50කින් සමන්විත සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයකින් ද, සියළුම උපකරණ වලින් සමන්විත දැඩිසත්කාර ඒකකයකින් ද මෙම භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය සමන්විත වේ.

භික්ෂූන් වහන්සේලා උදෙසා අවශ්‍ය සියළුම අනෙකුත් පහසුකම් ශ්‍රී දළදා මාලිගාව විසින් ලබා දෙන අතර, හදිසි අවස්ථා සඳහා ගිලන් රථයක් ද යොදවා ඇත.

මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරටුව, ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙයවීමෙන්, ඩෙවොන් සමූහ ව්‍යාපාරය, මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලය හා මහනුවර ජාතික රෝහල සමග අත්වැල් බැදගනිමින් දේශයේ මහා සඟරුවන උදෙසා සිදු කළ ජාතික කාර්ය්‍යකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + fourteen =