මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ.

දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය එය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ අනුව පහත පරිදි ඊයේ දිනය තුළ එන්නත් ලබාදී ඇත.

සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව – 72,887
ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව – 10,157
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව – 1,521
කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් මාත්‍රා දෙකම – 347,310

Leave a Reply

Your email address will not be published. Required fields are marked *