අද සිට සියලු සතොස විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අද සහ හෙට (04) යන දෙදින තුළ දිවයිනේ පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන් සඳහා විවෘතව පවතින බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *