නුවරඑළියේ කොවිඩ් එන්නත්කරණයට අදාලව කඩිනම් වැඩපිළිවලක්

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වැලැක්වීම සඳහා වු එන්නත් කරනය සඳහා සංවිධාන කටයුතු සහ ජනතාව සුදානම් කිරීමට අදාලව වැඩපිළිවලක් කඩිනමින් සකසන ලෙස දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අදාල අංශවෙත උපදෙස් ලබාදී ඇත.

පසුගියදා (01) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැති කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ දිස්ත්‍රික් කමිටුවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ ඉදිරියේදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එන්නත් ලැබිමට නියමිත බවත්, එම එන්නත් ලබාදීම සඳහා ප්‍රදේශ තොරාගැනීම සඳහා රජය විසින් ලබාදි ඇති නිර්ණායකයන්ට අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සැකසිම කළ යුතු බවත්ය.

දිස්ත්‍රික් ලේකම් වරයා තවදුරටත් සඳහන් කලේ මෙවැනි වැඩපිළිවලක් සැකසීම තුලින් එන්නත්කරනයෙදි ඇතිවන තදබදය අවම කරගත හැකි බවත්, ජනතාවට වන අපහසුව වලක්වාගත හැකි බවත්ය.

මෙහිදි අදහස් දැක්වු ප්‍රාදේශිය වසන්ගත රෝග වේදඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා සඳහන් කලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 491 ක වයස අවුරුදු 30 ට වැඩි ජනගහනය 384081 ක් බවට හදුනාගන ඇති බවත්, මෙම පිරිසට මුලින්ම එන්නත් කරනය සිදුකරිමට බලාපොරොත්තු වන බවත්ය. මේ සඳහා එන්නත්කරන කණ්ඩායම් 50 ක්, යෙදවිමට අපේක්ෂා කරන බවත්, මෙම කටයුතු සංවිධානය සඳහා ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි ඇතුළු නිලධාරින්ගේ සහය වසම් මට්ටමින් ලබාගැනිමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා තව දුරටත් සඳහන් කලේ ප්‍රමුඛතාවය මත තොරාගන්නා ප්‍රදේශවල තොරාගන්න පුද්ගලයින් ලියාපදිංචිකිරීමට අදාල තෙරතුරු එක් රැස් කිරීමේ කටයුතු එන්නත්කරන වැඩසටහනට කලින් සිදුකිරීමට නියමිත බවය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මණතුංග, අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිළධාරින් අතුළු පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *