ශ්‍රීලංකන් ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජුනි මස 08 වන අඟහරුවාදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට ඇතුළු වන රටවලට අදාල “රතු ලැයිස්තුවට” ඇතුලත් කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සදහන් කරයි.

ඒ අනුව ජුනි 05, 06, 07 යන දිනවල ලන්ඩන් සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර තුන ( UL 503 ) සඳහා දැනටමත් ගුවන් ගමන් වෙන්කරවා ඇති මගීන්ට මෙය බලනොපානු ඇතැයි දැනුම් දෙයි.

ඒ් අනුව ජුනි මස 08 සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් / අයර්ලන්ත පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට පමණක් අවසර හිමිවේ.

ගමන් කිරීමට අවසර හිමි වන මගීන් අනිවාර්යයෙන්ම;

ඔවුන්ගේ ගමනට දින තුනකට පෙර (පැය 72) COVID-19 පරීක්‍ෂණයක් කර එහි negative ප්‍රතිඵලයක් ලබා ගත යුතුය.

පැමිණීමට පෙර දින 14 ක කාලයක් තුළ නිරෝධායන සඳහා හෝටලයක් වෙන්කරවා ගත යුතුය. අදාල වෙන්කිරීම් සඳහා හෝටල්, නිරෝධායන ප්‍රවාහනය සහ නිරෝධායනයේ 2 වන සහ 8 වන දින වල සිදුකරන COVID-19 පරීක්ෂණ ඇතුළත් වේ.

මගීන් පැමිණෙන විට නිරෝධායනය කරන්නේ කොතැනද යන්න පිළිබඳ විස්තර සහිතව මගී පෝරමයක් (PLF) සම්පූර්ණ කළ යුතුය. මගීන් තම මගී ස්ථානගත කිරීමේ පෝරමය සම්පූර්ණ කිරීම සඳහා නිරෝධායන පැකේජ ඉන්වොයිස් අංකයක් ලබා දිය යුතුය.

මගීන් ඔවුන්ගේ නිරෝධායන හෝටලය සහ දින 2 සහ 8 දින සිදුකරන පරීක්ෂණ මෙමගින් වෙන්කරවා ගත යුතුය.

https://www.gov.uk/guidance/booking-and-staying-in-a-quarantine-hotel-when-you-arrive-in-england මගී ස්ථානගත කිරීමේ පෝරමය මෙමගින් ලබා ගත හැකිය.

https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk වැඩි විස්තර සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන්, ඔවුන්ගේ ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ +94117771979 අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *