විශ්‍රාම වැටුප්ලාභීන්ට ත්‍රිවිධ හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) –විශ්‍රාමිකයන් සදහා ජුනි මාසයට නියමිත විශ්‍රාම වැටුප ලබා දීම අනිද්දා (10) සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි විශ්‍රාම වැටුප් දිනයේදී අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම ප්‍රවාහන පහසුකම් සැපයීමේ කටයුතු සදහා ලංගම බස් රථ යොදා ගැනෙනු ඇත.

යුද හමුදාපති සඳහන් කළේ, ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයද ලබාගනිමින් එම ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බවය.

ජුනි මස 10වනදා සහ 11වනදා මෙම ක්‍රියාවලිය සිදුකරන අතර ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බැංකු ද එදිනට විවෘතව තැබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *