ආයෝජකයන් 1,883කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ අයෝජනයට කැමැත්තෙන්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් ආයෝජන සමුළුවේදී විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ආයෝජකයන් 1,883කට වැඩි පිරිසක් මෙරට ආයෝජනය සඳහා අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

සම්පූර්ණ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය යටතේ පවත්වන ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් – 2021 ආයෝජන සමුළුව මේ වන විට අති සාර්ථකව පැවැත්වෙයි.

එය ආසියාවේ මාර්ගගත ක්‍රමය යටතේ පැවැත්වෙන විශාලතම ආයෝජන සමුළුව බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පැවසීය.

මෙවැනි සමුළුවක් තුළින් මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික ජයග්‍රහණයන් අත් කර ගැනීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා කියා සිටියේය.

මේ සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගත වන විටත් රටවල් 80කට අධික සහභාගිත්වයක් දී ඇති අතර, විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ආයෝජකයන් 1,883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා යොමු වී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

මීට අමතර සහභාගි වන්නන් 2,784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118ක් තුළ කතිකයන් 108 දෙනකු සමුළුව අමතා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *