කොවිඩ් මරණ 2000 සීමාවට ළං වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ(09) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදුව ඇති අතර මරණ 48 සිදුව ඇත්තේ ජුනි 01වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා කාලය තුළයි.

මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.

මිය ගිය පිරිස අතර කාන්තාවක් 24 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු වෙයි. නිවසේදී මිය ගිය පුද්ගලයින් 06 දෙනෙකු සහ රෝහල් ගත කරන අවස්ථාවේ මිය ගිය 05 දෙනෙකුද ඒ අතර වේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන 1,910ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 2,735 දෙනෙකු වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *