තවත් ඉන්දියානු ප්‍රභේද ආසාදිතයකු හමුවෙයි – බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙරට ප්‍රදේශ රැසක

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩෙල්ටා ප්‍රභේදය වශයෙන් නම් කරන ලද ඉන්දියාවෙන් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදයේ (B.1.617) තවත් ආසාදිතයකු මෙරටින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම ප්‍රභේදය මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙය වන අතර මෙවර ආසාදිතයාත් ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙකු බව සඳහන් වේ.

එසේම ඇල්ෆා ප්‍රභේදය යනුවෙන් නම් කෙරුණු (B.1.1.7) බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමුවී ඇති බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *