හැරී කුමරු යළි බ්‍රිතන්‍යයට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ ඡන්ම දින අනුස්මරණය වෙනුවෙන් ප්‍රතිමාවක් නිරාවරණය කිරීමේ උත්සවයක් ජුලි මස 01වනදා සංවිධාන කර තිබේ. ඒ සදහා දැනට අමෙරිකාවේ වෙසෙන හැරී කුමරුගේ සහභාගීත්වය අවිනිශ්චිතව පැවතියත් මේවන විට ඔහුගේ පැමිණිම තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුමරුගේ පැමිණිම අවිනිශ්චිතව පැවැතියේ ඔහුගේ බිරිඳ දෙවැනි දරු ප්‍රසූතියට සූදානමින් සිටි බැවිනි.

කෙසේ නමුත් පසුගිය සතියේ දී ඔවුන්ට දියණියක් ලැබීමත් සමඟ සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු, තම මවගේ ඡන්ම දින අනුස්මරණ උත්සවය සදහා පැමිණීම තහවුරු කර ඇත. ඔවුන්ගේ අලුත උපන් දියණිය නම් කර ඇත්තේ හැරී කුමරුගේ මෑණියන්වන ඩයනා කුමරිය ද සිහිපත්වන අයුරින් ‘ලිලිබෙට් ඩයනා මවුන්ට්බැටන්-වින්ඩ්සර්’ ලෙසයි.

නැසීගිය වේල්ස්හි කුමරියවන ඩයනාගේ ස්මාරකය මෙසේ නිරාවරණය වන්නේ ඇයගේ 60වන ඡන්ම දිනය සැමරීම වෙනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *