JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන සාමාජිකයන් 100,000 සීමාව පසුකරයි

(කොළඹ, ලංකාපුවත්) – JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන (Customer Loyalty Program), අවුරුදු 2 ක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් 100,000 ඉක්මවීමට සමත් වී තිබේ. මෙය JAT Holdings හි විශිෂ්ට ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තබා ඇති නොසැලෙන විශ්වාසයට මනා සාක්ෂියකි.

මෙම විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් 2019 වසරේදී JAT Holdings විසින් මෙම පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන ආරම්භ කරන ලදි. තම පාරිභෝගිකයන් අතරින් බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් බැංකු සේවාවන් භාවිතා නොකරන, දෛනික ආදායම් උපයන පින්තාරු ශිල්පීන් සහ වඩු කාර්මිකයන් වැනි පුද්ගලයන් බව වටහාගත් JAT Holdings, මෙම වැඩසටහන මගින් හිමිවන ලකුණු (Loyalty points) කොමර්ෂල් බැංකුවේ විශේෂ ඩෙබිට් කාඩ්පතක් හරහා මුදල් බවට පත්කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය.

“මෙම වැඩසටහන අප මුලින්ම සැලසුම් කළේ සාමාන්‍ය පාරිභෝගික දීමනා වැඩසටහනක් ලෙසයි. එහෙත් අපගේ පාරිභෝගිකයන් අතරින් බොහෝ දෙනෙකු බැංකු සේවාවන් භාවිතා නොකරන, දෛනිකව ආදායම් උපයන පිරිසක් බව අපට ඉක්මනින් වැටහුණා. ඒ නිසා, ඔවුන් මුදල් ඉතිරි කිරීමට යොමු කරවන පියවරක් ලෙස, කොමර්ෂල් බැංකුව සමග එක්වී විශේෂ ලෝයල්ටි ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දීමට අප පියවර ගත්තා. ඒ අනුව ඔවුන්ට තම ලෝයල්ටි ලකුණු මුදල් ලෙස ඉතිරි කිරීමට හෝ ආපසු ලබාගැනීමට හැකියාව ලැබෙනවා. බැංකු පහසුකම් තිබීම තුළින් තම වෘත්තීය කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබීම නිසා, මෙම වැඩසටහනට අපගේ පාරිභෝගිකයන් වෙතින් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි සන්ධිස්ථානයක් පසුකිරීමට අපට හැකි වූයේ ඒ නිසයි.” JAT Holdings Limited හි සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ ඩිල්ශාන් රොඩ්‍රිගෝ මහතා පැවසී ය.

සෑම ලෝයල්ටි ලකුණක්ම රුපියලකට සමාන වටිනාකමකින් යුක්ත වන අතර, Sayerlack Water Base තීන්ත ලීටර් 1 ක ඇසුරුමක් සඳහා ලකුණු 60 ක්ද, ලීටර් 2.5 සඳහා ලකුණු 100 ක්ද, ලීටර් 5 සඳහා ලකුණු 250 ක්ද හිමි වේ. ඉතාම සරල පියවර කිහිපයක් ඔස්සේ කෙනෙකුට මෙම පාරිභෝගික ලෝයල්ටි වැඩසටහනට සම්බන්ධ විය හැකි අතර, ඒ සඳහා මූලික වශයෙන් කළ යුතු වන්නේ එම වැඩසටහනේ ස්ටිකරය සහිත Sayerlack Water Base නිෂ්පාදනයක් මිලදී ගැනීම පමණි. එම ස්ටිකරය සූරා, එහි සඳහන් අංකය 076 399 0990 අංකයට SMS කිරීමත් සමග පාරිභෝගිකයාට ලකුණු එකතු වීම ආරම්භ වේ. ලකුණු 500 ක් එකතු වූ පසුව කොමර්ෂල් බැංකුවේ විශේෂ ඩෙබිට් කාඩ්පත ලබාගෙන, ළඟම පිහිටි ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට පාරිභෝගිකයාට හැකියාව ලැබෙනු ඇත.

ආරම්භයේ සිටම මෙම වැඩසටහන, මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට Sayerlack පාරිභෝගිකයන් දිරිගන්වන වැඩසටහනක් බවට පත් වී තිබේ. තමන් එක්රැස් කරගන්නා ලකුණු ප්‍රමාණය අනුව මුදල් ඉතිරි කිරීමට හෝ ATM යන්ත්‍රයක් මගින් එම මුදල ලබාගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලබාදීම ඔස්සේ, මෙම දුෂ්කර කාලයේදී පවා දිගුකාලීන මූල්‍ය සුරක්‍ෂිතතාව සඳහා මාවතක් සපයන බැවින්, ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ වනු නිසැක ය. එමෙන්ම මෙම වැඩසටහන නිසා, මෙතෙක් බැංකු සේවාවන් භාවිතා නොකළ විශාල පිරිසක් එම සේවාවන් භාවිතා කිරීම ආරම්භ කරනු ඇතැයිද JAT Holdings විශ්වාසය පළකරයි.

ශ්‍රී ලංකාවේ දැව ආලේපන කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස JAT Holdings ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන, ඉතුරුම් හා ආයෝජන සඳහා අවස්ථාවන් නිර්මාණය කරමින් සිය පාරිභෝගිකයන්ගේ ජීවන රටාව නංවාලීමට සමත් වී තිබේ. සිය සන්නාමය පිළිබඳව පාරිභෝගිකයන් තුළ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන අතරම, නවෝත්පාදනය හා පාරිභෝගික තෘප්තිය සම්බන්ධයෙන් JAT Holdings හි ආයතනික වටිනාකම් යළිත් තහවුරු කරන වැඩසටහනක් බවටද මෙය පත්වී ඇත. අනාගතයේදී පාරිභෝගිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා මෙම වැඩසටහන හරහා තවත් ප්‍රතිලාභ රාශියක් හඳුන්වා දීමටද JAT Holdings අපේක්ෂා කරයි. ළඟදීම මූලික කොටස් නිකුතුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති නිර්මාණශීලී හා ඉදිරිගාමී සමාගමක් ලෙස JAT Holdings රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ගනු ලබන මෙවැනි පියවර, ඉදිරියේදී තවදුරටත් පුළුල් කරනු නිසැක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 7 =