සතිඅන්ත නිවාඩු දිනවල පොලිස් විශේෂ මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) –හෙටින්(12) ඇරඹෙන සතිඅන්ත නිවාඩු දිනවල සංචරණ නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන ආශ්‍රිතව ඊයේ සිදුකළ මෙහෙයුම්වලින් පළාත් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 104 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − one =