අමෙරිකානු ජනාධිපති කොමිසමට ශ්‍රී ලාංකිකයෙක් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් ධවල මන්දිරයේ සාමාජිකත්ව පිළිබඳ ජනාධිපති කොමිසමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා පත්කර ඇති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ආචාර්ය ගේබ්‍රියෙල් මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකු වන අතර පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වී තිබේ.

ඒ මහතා “ද ෆුල්බ්‍රයිට්” වැඩසටහන් විශාරදයෙකුද වේ.

ජනාධිපති බයිඩන් ජුනි 04 වන දින ධවල මන්දිරයේ සාමාජිකත්ව පිළිබඳ ජනාධිපති කොමිසමට සාමාජිකයින් 22 දෙනෙකු පත් කර ඇත.

පුළුල් පරාසයක පසුබිම්, අත්දැකීම් සහ වෘත්තීන් නියෝජනය කරන අතරම අමෙරිකාවේ විවිධත්වය හා ශක්තිය පිළිබිඹු කරන කැපී පෙනෙන පුරවැසියන්ගෙන් අදාළ කොමිසම සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *