පොලොන්නරුව වකුගඩු රෝහලේ සුවිශේෂී සිමෙන්ති සහකරු -INSEE සිමෙන්ති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වන චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේදී රෝහල සඳහා නිල සිමෙන්ති සැපයුම්කරු වීම ආයතනයක් විදිහට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

නේවාසික ඇඳන් 200කින්, රුධිර කාන්දුකරණ ඇඳන් 100කින්, බාහිර ප්‍රතිකාර එකකයකින්, ශල්‍යාගාර 6කින්, එකවර 200 දෙනෙකුට අසුන්ගත හැකි ශ්‍රවණාගාරයකින් සහ වර්ග මීටර 25,517ක රෝහල් කාර්ය මණ්ඩලය සඳහා නේවාසික පහසුකම් සමඟින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී රෝහල, මේ මස 11 වන සිකුරාදා දින සිට මහජනතාව වෙනුවෙන් සේවා සැපයීම ආරම්භ කළේය.

INSEE ආයතනය විසින්, තාක්‍ෂණිකව ඉහළ ඉල්ලූමක් ඇති මෙම ව්‍යාපෘතියේ මූලික ව්‍යුහ සඳහා අසමසම මුල් සම්පිඩ්‍යතා ශක්තියක් ඇති INSEE Rapid Flow සහ මෙහි සියලූම පෙදරේරු කාර්යයන් සහ අවසන් කිරිමේ කාර්යයන් සඳහා INSEE සංස්ථා නිෂ්පාදන සපයනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *