(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි වසර දෙක තුළ දිවයිනම ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙනවා යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන් සඳහා කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අයුරු නිරීක්ෂණය කිරීමට මහියංගනය මැලිබන් ටෙක්ස්ටයිල් ආයතනයට ගිය අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උද්ගතව ඇති අභියෝගයන්ට මුහුණ දෙමින් නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි.
ඒ සඳහා සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවන් දිවයින පුරා කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
කොවිඩ් වසංගතය හමුවේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දුරකතන සංඥා දුර්වලතා ගැටලුවට මුහුණපානවා. ඒ අනුව අධ්‍යාපන කලාප මට්ටමින් හඳුනාගත් දුරතකතන සංඥා දුර්වල ප්‍රදේශ සඳහා කඩිනමින් 4G පහසුකම් සහිත දුරකතන සංඥා ලබාදීමේ විශේෂ වැඩසටහනක් දැනට ක්‍රියාත්මකයි.
වසර දෙකක් ගතවීමට පෙර මුලු දිවයිනම ආවරණය වන පරිදි 4G හා 5G තාක්ෂණය සහිතව වේගවත් අන්තර්ජාල හා දුරකතන සබදතා ජාලයක් නිර්මාණය කරනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ මේ වන විටත් ඒ පිළිබඳ මූලික අදියරේ සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දුරකතන සමාගම් සියල්ල ඒකාබද්ධ කර එකම සැලැස්මකට වැඩ කිරීම සදහා යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා.
අලුතින් හදුනාගත් ප්‍රදේශවල ඉඳිකරන එක් දුරකතන කුළුණක් හරහා සෑම දුරකථන සමාගමකටම තමන්ගේ දුරකතන සබඳතාවට අයත් සංඥා බෙදාහැරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන නිසා පාරිභෝගිකයන්ට මෙන්ම දුරකතන සමාගම්වලට ද ඉන් සහනදායි වාසි හිමිවෙනවා.
පාසල් 10,000 කට වැඩි ප්‍රමාණයක් තෝරාගෙන එම පාසල් අධිවේගී අන්තර්ජාල සේවාව ඔස්සේ ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව තවත් සති දෙක තුනක් ඇතුළත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉ-තක්සලාව ඩේටා ගාස්තුවලින් නිදහස් කර ඇති අතර ඉදිරියේදී එම වෙබ් අඩවිය හරහා වීඩියෝ තාක්ෂණයෙන් මාර්ගගත ඉගැන්වීම් කිරීමට සෑම ගුරුවරයෙකුටම අවකාශය සකස් කරදෙනවා.
මින් ඉදිරියට ඉ-තක්සලාව හරහා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී කිසිදු ඩේටා වියදමක් දැරීමට සිදු නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
මැලිබන් ටෙක්ස්ටයිල් බදුල්ල ආයතනයේ එන්නත්කරණය සිදුවන අයුරු ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම අවස්ථාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, හිටපු ඌව පලාත් අමාත්‍ය අනුර විදානගමගේ, මහියංගනය ප්‍රාදේශීය ලේකම්තුමා, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.