කෘෂි කර්මාන්තයේ වර්ධනයට ICTA වෙතින් ක්‍රියාකාරී වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –කෘෂි කර්මාන්තයේ වර්ධනය සදහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීම ට කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාවක් බිහිකිරීමේ ක්‍රි යාකාරි වැඩපිළිවලක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරයි.

කෘෂි අංශයේ විද්වතුන් හා ව්‍යාපාරික ආයතන නියෝජිතයන් 130කට වැඩි පිරිසක් එක්වූ මෙම සාකච්ඡාව පසුගියදා (10) අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.

කෘෂිකාර්මික අංශයේ පාර්ශවකරුවන් අතර සහයෝගීතාව ඇති කිරීම, දේශීය හා විදේශීය විශෙෂඥයින්ගෙන් නව උසස් කෘෂිතාක්‍ෂණ දැනුම ලබාදීම , නව තාක්‍ෂණ පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය සහය ලබා දීම සහ මෙම අංශයට පිවිසෙන්නන් තාක්‍ෂණය පදනම් කරගත් සමාගම් සමඟ සම්බන්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මේ පිළිබද වූ සැසිවාරය අමතමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා ප්‍රකාශ කළේ, “ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයට අනුකූලව, ශ්‍රී ලංකාව ඩිජිටල් රටවල් අතරට එක්වන ජාතියක් බවට පත් කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කුළුණු පහක් ක්‍රියාකාරිත්වය හඳුනාගෙන ඇතිබවයි. එනම් තාක්‍ෂණ කර්මාන්ත සංවර්ධනය , ආරම්භක පරිසර පද්ධති සංවර්ධනය, පුද්ගල ධාරිතා වර්ධනය, තාක්ෂණ භාවිතය සහ කලාපීය පොකුරු සංවර්ධනය, කෘෂිකර්මාන්තය විෂය පථය යටතේ ප්‍රමුඛතා ලෙස හඳුනාගෙන ඇත.එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ පරිවර්තනය කිරීමට සහ නිර්මාණය කිරීමට උපකාරී වන අපගේ සාම්ප්‍රදායික භාවිතයන් ද උපයෝගිකරගතයුතුව තිබේ.”

ජර්මනියේ සිට සාකච්චාව සමග එක්වූ එන්පැක්ට් හි කළමණාකාර අධ්‍යක්ෂ ජෑන් ලැචෙන්මයර් Jan Lachenmayerමහතා අදහස් දක්වමින් ගෝලීය දෘෂ්ටි කෝණයෙන් කෘෂිනිපැයුම් තාක්ෂනය පිළිබඳවත් කෘෂිකාර්මික අංශයේ පරිසර පද්ධති තුළ කෙතරම් බලපෑමෙන් යුත්, තිරසාර නවෝත්පාදනයක් සිදුවිය හැකිද යන්න පිළිබඳවත් දැනුවත් කරන ලදී . කෘෂිකර්මාන්තය හා ගොවිතැන සඳහා භාවිතා කරන සුහුරු තාක්ෂණය පිළිබඳව විශේෂ උපදෙස් ද මෙහිදී ලබාදෙන ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ ව්‍යාප්තිය පිළිබද අධ්‍යක්‍ෂ ,මහාචාර්ය ප්‍රදීප් අබේගුනවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ කෘෂිකාර්මික අංශයට තාක්ෂනයෙන් විවිධාකාරයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි. ආර්ථික වශයෙන් දියුණු රටවල රොබෝ තාක්ෂනය , කෘතිම බුද්ධිය, සුහුරු ගොවිතැන් ක්‍රමවේද , ජෛව තාක්‍ෂණය, නැනෝ තාක්‍ෂණය වැනි නවීන තාක්‍ෂණය නිවැරදි භාවිතා කරන බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ, “ජාතියක් වශයෙන්, ඕනෑම කර්මාන්තයක දී වඩා ලාභදායී, කාර්යක්ෂම, ආරක්ෂිත සහ පරිසර හිතකාමී වීමට තාක්ෂණයේ ප්‍රතිලාභ අප විසින් භාවිතා කළ යුතුබවයි. මෙම කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාව අඛණ්ඩ ඉදිරියට ගෙනයාමට සැලසුම් කර ඇති අතර මෙය ආරම්බක මුල පිරීම් වලින් එකකි. ගොවි සංගම්, රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන, කෘෂි තාක්ෂණ සේවා සපයන්නන්, කෘෂි තාක්ෂණ සමාගම් වැනි පාර්ශවකරුවන් මෙම සංවාදයට එක්වෙමින් අදහස් දක්වන ලදී.

ආචාර්ය බෙෂාන් කුලපාල ( අධ්‍යක්‍ෂ AIGrow (Pvt)Ltd.) ලක්ෂාන් ද සිල්වා (ප්‍රධාන මූල්‍ය නිලධාරී – SpectrifyAI) මිලර් රාජේන්ද්‍රන්, (ප්‍රධාන විධායක නිලධාරීSenzagro (Pvt)Ltd. ) බුද්ධි වරුෂවිතාන ,( ව්‍යාපාර විශ්ලේෂිකා – වෙළඳ හුවමාරු Epic Lanka, )චතුරංග බෝපෙත්ත (කළමනාකරු -Heylese Agriculture Holdings Limited ), මිෆ්‍රා ස්මයිල් (ප්‍රධානි නැවුම් ආහාර -John Keells Holdings) චන්දික ගුණතිලක , (මෙහෙයුම් කළමනාකරු Cargills Agro Development Co)යන මහත්ම මහත්මින් මෙම සංසදයේදී සිය අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම සැසිවාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කෘෂි කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති රිස්වි සහීඩ් මහතා විසින් සමාප්ති දේශනය පැවැත්විණි.

මෙම කෘෂි තාක්ෂණ නවෝත්පාදන,වැඩසටහන යටතේ, කෘෂි තාක්ෂණ සංසද, නිෂ්පාදන වෙළඳපල, කෘෂි තාක්ෂණ උපදේශන ජාලය, කෘෂි තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන අංශය, කෘෂි තාක්ෂණ සමුළුව සහ කෘෂි තාක්ෂණ පාසල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමෙන්ම කෘෂි කර්මාන්තය මත යැපෙන ජීවනෝපාය මාර්ගයන්හි ඉහළපලදායිතාව ඉහල නැන්වීම , වැඩි ආදායමක් ලබාගැනීම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කෘෂි තාක්ෂණ කර්මාන්තයේ පාර්ශවකරුවන් අතර අඛණ්ඩ සංවාදයක් සහතික කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + twelve =