කොවිඩ් මරණ වාර්තා කිරීමේ නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) –මින් ඉදිරියට කොවිඩ් ආසාධිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලූම මරණ එම දිනයේ දීම වාර්තා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව මරණ වාර්තා කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

අද(14) සිට මෙම ක්‍රමවේදය ඔස්සේ මරණ වාර්තා කිරීම සිදු කරනු ඇත.

මෙතෙක් දෛනික වාර්තාවලට ඇතුළත් වූ දින කිහිපයක් පැරණි මරණ මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා කෙරෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *